පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව තුළින් සිදු වු සියලු මනුෂ්‍ය ඝාතන සියල්ලම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ඊට අදාලව දණ්ඩනීති සංග්‍රහයේ ප්‍රකාර ” මිනිමැරුම් චෝදනා” යටතේ ඉදිරිපත් කල ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරිමට කොළඹ මහේස්ත්‍රාත්වරිය ගන්නා ලද පියවරට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණය හමුවේ ගොනු කිරිමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
තවදුරටත් එකි විමර්ෂණවලදි 40 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කොට ගෙන ඇති බවත් මොවුන් දෙදෙනා ප්‍රකාශ ලබාදීමට ඉදිරිපත් නොවි මගහැර සිටි බවත් සටහන් කර ගන්නා ලද ප්‍රකාශ තුළින් මෙම සැකකරුවන් දෙදෙනාගේ භුමිකාව පිළිබද වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනිමට හැකි වු බවද නීතිපතිවරයා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන බව සදහන් වෙනවා.