යුරෝපා සංගමයේ ප්‍රති ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජිල් ද කෙයෂොව් මහතා හෙට සිට ලබන අගහරුවාදා තෙක් ශ්‍රී ලංකාවේ හා මාළදිවයිනේ සංචාරයක නිරත වන බව යුරෝපා සංගමය සදහන් කරනවා.
මෙම රටවල් දෙකෙහි ආරක්ෂාව තර කිරීමේ උත්සාහයන්ට හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ උත්සාහයන්ට අත්වැලක්වීම මෙම සංචාරයේ අරමුණ වන අතර සංචාරය අතරතුරදි ජිල් ද කෙයෂොව් මහතා මෙරට රජයේ/විපක්ෂයේ හා ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.