රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමෙන් අනතුරුව එහි ආරක්ෂාව දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබෙනවා.රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් ඊයේ මෙම ගැටුම හටගෙන තිබුණා.
එම ගැටුමෙන් තුවාල ලැබු සිසුන් 10දෙනෙකු, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෙකු සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙකු මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර මේ වන විට විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ.