දෙමළජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද යලි රැස් වනවා. ඒ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහායි.
දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්.සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී ද පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වුණා.
නමුත් එහිදී තීරණය කෙරුනේ විශ්වාසභංගය පිළිබඳ තවදුරටත් සළකා බලා පසුව තීරණයක් ගැනීම යෝග්‍ය බවයි.
ආණ්ඩුව දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් නොදීමත් දෙමළ ජනතාවගේ විශ්වාසය පළුදු වීමත් මත රජයට කිසිදු ආකාරයකින් සහාය දැක්වීමක් නොකළ යුතු බව ඇතැම් මන්ත‍්‍රීවරුන් එහිදී සදහන් කර තිබෙනවා.
ආර්.සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා සහ එම්.ඒ සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුනේ පසුගිය 08 වනදායි.
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ දී රජයට සහය පල කරන ලෙස අග‍්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කර ඇති අතර පාර්ලිමේන්තු කන්ඩායම රැස් වී ඒ පිළිබදව තීරණය කරන බව දෙමළ ජාතික සංධානයේ නියෝජිතයින් එහිදී සදහන් කර තිබෙනවා.