News Line| Off Air
Generic placeholder image

Jul
11

අවසන් පූර්ව තරගයේ ඉන්දිය බුකී ඔට්ටු රු.කෝටි 150 ඉක්මවයි

1030 Views


අවසන් පූර්ව තරගයේ ඉන්දිය බුකී ඔට්ටු රු.කෝටි 150 ඉක්මවයි

නීති වීරෝධී ඔට්ටු ඇල්ලීම ජාල විසින් නවසීලන්තය සහ ඉන්දියාව අතර තරගය පිලිබද කෝටි 150 කට අධික මුදල් ප්‍රමාණයකින් ඔට්ටුතබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරනවා. මේ සදහා වෙළද පන්තියේ ජනතාව වැඩි වශයෙන් එක්ව ඇති බවත් දිල්ලි, ෆරිඩාබාද්,ගාශියාබාද්, නොයිදා සහ ගුරුග්‍රම් නගර ආශ්‍රිතව මෙලෙස වැඩි වශයෙන් ඔට්ටු තබා ඇති බවද එරට පොලිසිය පවසනවා.

මෙම අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව ජයගනු ඇතැයි වැඩි දෙනෙකු විශ්වාසය තබා ඇති නමුත් ඔට්ටු තැබීම සිදුවන්නේ පන්දුවෙන් පන්දුවට මෙන්ම පන්දුවාරයෙන් පන්දුවාරයට බව පැවසෙනවා.කාසියේ වාසිය දිනා ගැනීමේ සිට මෙලෙස ඔට්ටු තැබීම සිදුවන බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post