News Line| Off Air
Generic placeholder image

Jul
11

ඉන්දියානුවන් හඩවමින් නවසීලන්ත අවසන් මහා තරගයට

580 Views


ඉන්දියානුවන් හඩවමින් නවසීලන්ත අවසන් මහා තරගයට

ප්‍රබල ඉන්දිය කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත සමත් වුණා.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නවසීලන්ත ඉනිමේ 47වැනි පන්දුවාරයේදී වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය තාවකාලිකව නවතා ඊයේ දින පැවත්වීමට තීරණය කෙරුණා. ඒ වනවිට නවසීලන්තය කඩුළු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 211කි. ඊයේ තරගය නැවත ආරම්භ කර අතර නවසීලන්තය සිය ඉදිරි පන්දුවාර 3 දී තවත් ලකුණු 28 ක් රැස් කරමින් පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 239ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දීය පිතිකරුවන්ට නොසිතූ පීඩනයක් එල්ල කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණ අතර රෝහිත් ෂර්මා, විරාත් කෝලි, ලෝකේෂ් රාහුල් සහ දිනේෂ් කාර්තික් ලකුණු 24 තුල ක්‍රිඩාගාරය වෙත හරවා යැවීමට සමත් වුණා.ඒ අනුව ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 221 පමණයි.

ඉන්දියාව ඒ අනුව මෙවර ලෝක කුසලාන සිහිනය සිහිනයක් කරමින් තරගාවලියෙන් ඉවත් වුණා.

 


News Articles
Latest Videos
Most Popular Post