News Line| Off Air
Generic placeholder image

Jul
11

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයත් වැඩවර්ජනයකට සූදානම්

602 Views


තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයත් වැඩවර්ජනයකට සූදානම්

තම වැටුප් ගැටළුවට කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් ලබන 22 වන දින එක්දින සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ සම්බන්ධයෙන් තැපැල්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් මහතා සඳහන් කළා.

පසුගිය වසරේ ජුනි මස 12වනදා සිට 22වනදා දක්වා අඛණ්ඩ වැඩ වර්ජනයක් කල බවත් එයට විසදුමක් ලෙස වැටුප් හා සේවක සංඛ්‍යානු කොමිෂන් සභාව හා එක්ව විසදුමක් ලබා දුන් නමුත් එය තවමත් ක්‍රියාත්මක නොවු බවත් ඒ මහතා පැවසුවා.

මේ වන විට වසරක් ගත වී ඇති නමුත් වැටුප් කොමිසන් සභාව විසින් නිසි වාර්තාවක් තවමත් ඉදිරිපත් කර නොමැති බවද තැපැල්පතිවරයා සමඟ එළඹෙන 15වනදා තිබෙන සාකච්ඡාවේදි නිසි විසදුම නොලැබුනහොත් අසනීප නිවාඩු වාර්තාකර 22 වනදාට සංඛේත වැඩ වර්ජනයක් සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post