News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

ප්‍රදේශ රැසකට අද තද වැසි

669 Views


ප්‍රදේශ රැසකට අද තද වැසි

අද (11) දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව වාර්තා වෙනවා.

තව දුරටත් ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක තද වර්ෂාපතනයන්ඇති විය හැකි බැවින්ද ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය වීමට ඉඩ ඇත. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post