News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

බස් හිමියන් බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලා නීතිය ඉදිරියට යන්නට සුදානමින්

1316 Views


බස් හිමියන් බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලා නීතිය ඉදිරියට යන්නට සුදානමින්

බස් ගාස්තු ජාතික ප‍්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මාසයේ පළමුවනදාට ගාස්තු සංශෝධනයක් සිදු වන නමුත් මෙම වසරේදී එවැනි සංශෝධනයක් සිදු වුයේ නැති බව පවසමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න එ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඇති හැකියාව පිළිබඳ අදාළ ආයතවලින් මේ වනවිටත් විමසීම් සිදු කර ඇති බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසමෙන් කළ විමසීමකදී එහි සභාපතිවරයා කියා සිටියේ බස් ගාස්තු සංශෝධනයට ජාතික ප‍්‍රතිපත්තියේ ගැටලූ කිහිපයක් පවතින බවයි. ඒවා සංශෝධනය කිරීමෙන් පසු බස් ගාස්තු අඩු හෝ වැඩි කිරීම පිළිබඳ සලකා බලන බව ද ඒ මහතා වැඩි දුරටත් ප‍්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post