ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේදී නවසීලන්තය හමුවේ පරාජයට පත්වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම යළි සිය මව් රට බලා ඒමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටීමට සිදුවී ඇති බව සදහන්.
ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්, ඔවුන්ගේ පුහුණුකරුවන් සහ පවුල්වල ඥාතින් හට එංගලන්තයේ සිට ඉන්දියාව බලා ඒමට අවශ්‍ය ගුවන් යානා ආසන වෙන් කරවා ගැනීමට නොහැකිවීම හෙතුවෙන් ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන ජුලි මස 14 වෙනිදා තෙක් එංගලන්තයේ රැඳී සිටීමට සිදුවනවා.
කෙසේ වුවත් ඉන්දීය කණ්ඩයමේ ක්‍රීඩකයින් කොටස් කොටස් වශයෙන් බෙදී මේ මස 14 වෙනිදාට පසුව ඉන්දියාවට පැමිනීමට නියමිතයි.
එමෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා වූ සියළුම ප්‍රවේශ පත්‍ර මේ වන විට විකිණී අවසන්. අවසන් තරග සඳහා ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරනු ඇති බවට විශ්වාසයෙන් ප්‍රවේශ පත් මිලදී ගත් ඉන්දීය ක්‍රීඩා ලෝලීන් විශාල සංඛ්‍යාවක් ද සිටින බව එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනවා.
එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රවේශ පත් අලෙවි කිරීමේ වෙබ් අඩවිය ප්‍රවේශ පත් මිලදී ගත් පුද්ගලයින්ට අවශ්‍යනම් එම ටිකට් පත් යළි විකිණීමට අවස්ථාව උදා කර දී ඇතිමුත් මේ දක්වා අවසන් මහ තරගයේ ප්‍රවේශ පත් යලි අලෙවි කිරීමේ අඩුවක් පවතින බව වාර්තා වනවා.