ඊයේ පැවති එංගලන්ත ඕස්ට්‍රේලියා ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේ දී එංගලන්තයේ ක්‍රීඩක ජේසන් රෝයි ශතකය අභිමුව සිටියදී දැවී ගිය අතර ඒ කුමාර් ධර්මසේන ශ්‍රී ලාංකික විනිසුරුවරයාගේ වැරදි තීරණයක් හේතුවෙන් බව වාර්තා වෙනවා.
එංගලන්තය මුහුණදුන් 20 වන පන්දුවාරයේ සිව්වන පන්දුවේ දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වූ අතර රෝයි පහර දුන් පන්දුව පිත්තේ වැදී කඩුළු රකින ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇලෙක්ස් අතට පත් වූ නිසා රෝයි දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කලත් එය පිත්තේ හෝ අත් ආවරණයේ වැදී නොමැති පන්දුවක් බව නැවත සමාලෝචනය කිරීමේ දී හෙලිවුණා.
මේ බව රෝයි විනිසුරුවන්ට දන්වා නැවත සමාලෝචනය ඉල්ලා සිටි නමුත් ඒ වන විටත් එම අවස්ථාව ජොනී බෙයාස්ටොව් විසින් ලබාගෙන තිබූ බැවින් එම අවස්ථාව දිය නොහැකි බව විනිසුරුවරු ඔහුට දැන් වූවා. මෙම දුර්වල තීන්දුවත් සමඟම කුමාර් ධර්මසේනට නන් දෙසින් චෝදනා එල්ල වීමට පටන් ගෙන තිබෙන අතර එය ඉතා අසාධරණ තීන්දුවක් ලෙසයි බොහෝ දෙනා පවසා ඇත්තේ.
ඒ අනුව කුමාර් ධර්මසේනට බොහෝ දෙනා තම ටිවිටර් ගිණුම් හරහා දී තිබුණු එම තීන්දුවට සිය අකමැත්ත ප්‍රකාශ කර සිටියා.