News Line| Off Air
Generic placeholder image

Jul
12

ගුවන් යානාවක් කැළඹීමකට ලක්වීමෙන් පුද්ගලයින් 35 දෙනෙකුට තුවාල

749 Views


ගුවන් යානාවක් කැළඹීමකට ලක්වීමෙන් පුද්ගලයින් 35 දෙනෙකුට තුවාල

කැනඩාවේ සිට ඕස්ටේ‍්‍රලියාව වෙත පියාසර කළ ගුවන් යානාවක් ගමන අතරතුර කැළඹීමකට ලක්වීමෙන් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය සදහන් කළේ ඒවන විටත් ගුවන් යානය තුළ මගීන් 284 දෙනෙකු යානයේ සිටි බවයි.

ගමන ආරම්භ කර පැය දෙකකට පසු වායු ගෝලයේ දැඩි කැළඹීම හේතුවෙන් මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සමග අදාළ යානය හවායි හොනලූලූ ගුවන්තොටුපලට ගොඩබැස්වීමට ගුවන් නියමුවන් පියවර ගෙන තිබෙනවා.

එහිදී තුවාල ලැබුවන්ට ප‍්‍රතිකාර ලබා දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

නව ගුවන් ගමනක් පිළියෙළ කරන තෙක් එහි මගින් හොනලූලූ නගරයේ හෝටල් තුළ රදවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post