News Line| Off Air
Generic placeholder image

Jul
12

දුම්රිය වෘත්තීය සමිති නැවත වැඩවර්ජනයකට සූදානම්

499 Views


දුම්රිය වෘත්තීය සමිති නැවත වැඩවර්ජනයකට සූදානම්

දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සේවයේ නිරත අනියම් , තාවකාලික හා කොන්ත‍්‍රාත් සේවකයින් සේවයේ ස්ථීර නොකර, අළුතින් තවත් සේවකයින් බදවාගන්නේ නම් දුම්රිය වර්ජනයකට යොමුවන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි සම කැදවුම්කරු ජී එස් විතානගේ මහතා මේ බව කියා සිටියේ ප‍්‍රවාහන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්.

වසර 05 කට අධික කාලයක් දුමිරිය දෙපාර්තමේන්තුවේ විවිධ අංශ වල අනියම්, තාවකාලික හා කොන්ත‍්‍රාත් සේවකයින් 1500 ක් පමණ සේවය කරනු ලබනවා.

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සදහා නවක සේවකයින් බදවා ගැනීමට අයදුම් පත් කැදවා ඇති බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ.

එමගින් දැනට සේවයේ නිරත අනියම්, තාවකාලික හා කොන්ත‍්‍රාත් සේවකයින්ට අසාධාරණයක් සිදුවන බව ලිපියේ සදහන්.

එබැවින් මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා කඩිනම් සාකච්ඡුාවක් ලබා දෙන ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප‍්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post