බදියුදීන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු අත්හරින ලද සිය අමාතය්‍යධූර, රාජ්‍ය අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර නැවත භාර ගැනීමට තිරණය කර තිබෙන බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමීර් අලී පැවසුවේ ඊයේ (11) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි.
මෙම මුස්ලිම් මහජන නියෝජිතයින් අමාත්‍යධූර, රාජ්‍ය අමාත්‍යධූර සහ නියෝජ්‍ය අමාත්‍යධූර අත්හැරියේ ඉකුත් ජුනි මස 03වනදා වන අතර ඒ මුස්ලිම් වැසියන්ට සිදුවන පීඩා සහ රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි හා එම් එල් ඒ එම් හිස්බුල්ලා යන අයට ඉදිරිපත් වී තිබූ චෝදනා සැලකිල්ලට ගෙන එම චෝදනා පිළිබඳ විමර්ශනවලට පහසුවක් වීම සඳහායි.නමුත් තනතුරු අත්හරින ලද කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහජන නියෝජිතයින් ඉකුත් ජුනි 19වනදා යළි සිය අමාත්‍යධූරවල වැඩ භාර ගත්තා. ඒ, මහානායක හිමිවරුන් විසින් ඉකුත් ජුනි 11වනදා කරන ලද ඉල්ලීමක් අනුවයි.