News Line| Off Air
Generic placeholder image

Jul
14

නාමල් රාජපක්ෂ සැප්තැම්බර් මස විවාහ දිවියට පළමු ආරාධනය ඉන්දීය අගැමතිට

1359 Views


නාමල් රාජපක්ෂ සැප්තැම්බර් මස විවාහ දිවියට පළමු ආරාධනය ඉන්දීය අගැමතිට

හිටපු ජනාධිපති වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සැප්තැම්බර් මස 17 වනදා පැවැත්වීමට නියමිත බව ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.තම විවාහය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා මුල් වරට හෙළිකර ඇත්තේ මෑතක දී මෙරට සංචාරයක යෙදුණු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමගිනි.ඉන්දීය අගමැතිවරයාගේ මෙරට සංචාරයේ දී විපක්ෂ නායකවරයා මුණගැසුණු අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතා සමඟ සිදු වූ කෙටි සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් සැප්තැම්බර් මස 17 දින විවාහ වන බවයි.නරේන්ද්‍ර මෝදි මහතා එහිදී සඳහන් කර ඇත්තේ තමන්ගේ උපන්දිනය ද යෙදී ඇත්තේ එදිනට බවයි.

එමෙන්ම වාර්තා වන ආකාරයට නාමල් රාජපක්ෂ මහතා විවාහ දිවියට එක් වන්නේ මෙරට සංචාරක හෝටල් ගණනාවක් හිමි ප්‍රකට ව්‍යාපාරිකවකු වන වන තිලක් වීරසිංහ සහ කලක් මෙරට ධාවන ශූරියයක වූ අරුණි වික්‍රමරත්න මහත්මියගේ එකම දියණිය සමගයි.


News Articles
Latest Videos
Most Popular Post