News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

මැදවච්චියේ නිවසකට කිඹුලෙකු කඩා වදී

593 Views


මැදවච්චියේ නිවසකට කිඹුලෙකු කඩා වදී

මැදවච්චිය, පූනෑව, කිඩවරන්කුලම ප්‍රදේශයේ නිවසක් වෙත දැවැන්ත කිඹුලෙකු කඩා වැදී ඇති බව වාර්තා වෙනවා.ඊයේ (13) සවස අඩි 8ක පමණ දිගින් යුතු කිඹුලෙකු ජලය සොයාගෙන ගම්වැදී ඇති අතර, එහිදි බල්ලන්ගේ බිරීමත් සමඟ කිඹුලා නිවසක් වෙත ඇතුළු වී තිබෙන අතර නිවැසියන් වනජීවි කාර්යාල නිලධාරීන් වෙත කරන ලද දැනුම්දීමක් මත වනජිවි නිලධාරීන් පැමිණ කිඹුලා අල්ලගෙන ඇති බව පැවසෙනවා.

ඒ අනුව කිඹුලා අල්ලා ගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවු අතර කිඹුලා නිවසේ භාණ්ඩ පෙරළමින් කැරකෙමින් මෙල්ල කිරීමට අපහසු වී ඇති අතර වන ජීවි නිලධාරීන් දැඩි පරිශ්‍රමයකින් කිඹුලා අල්ලාගෙන ජල ‍පෝෂක ප්‍රදේශයක් වෙත මුදා හැරීමට රැගෙන ගොස් ඇත.


News Articles
Latest Videos
Most Popular Post