News Line| Off Air
Generic placeholder image

Jul
14

මුලතිව්හි හමුදා රථයක් පෙරළී හමුදා සෙබලෙක් මරුට – 8කට තුවාල

596 Views


මුලතිව්හි හමුදා  රථයක් පෙරළී හමුදා සෙබලෙක් මරුට – 8කට තුවාල

මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේදී අද (14) යුද හමුදා රථයක් පෙරළී යාමෙන් එක් හමුදා භටයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා.මියගිය හමුදා සාමාජිකයා තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර තුවාලකරුවන් අට දෙනාගෙන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද අනෙක් හතර දෙනා සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වෙනවා.

එමෙන්ම මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මුලතිව් පොලීසිය හා යුද හමුදා පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post