News Line| Off Air
Generic placeholder image

Jul
14

යෝකර් රජු 26 වෙනිදා එක්දින පිටියට සමුදීමට සැරසෙයි

1653 Views


යෝකර් රජු 26 වෙනිදා එක්දින පිටියට සමුදීමට සැරසෙයි

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීමට තීරණය කර ඇති බවට වාර්තා පලවෙනවා.ඒ අනුව මේ මස 26 වැනිදා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු එක්දින තරඟයෙන් ඔහු මෙලෙස ක්‍රිකට් පිටියට සමුදීමට දීමට නියමිත බවයි ආරංචි මාර්ග ඔස්සේ කියවෙන්නේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කාර ඇති බවත් ක්‍රිකට් ආයතන නිලධාරීන් එහිදි බංග්ලාදේශය සමග පවත්වන තරග 3නම ක්‍රීඩා කරන ලෙස ලසිත් මාලිංගගෙන් ඉල්ලීමක් කර ඇති බවත් සදහන්. එයට ප්‍රතිචාර දක්වමින් මාලිංග කියා ඇත්තේ තරග තුනම ක්‍රීඩා කිරීම තමන්ට අපහසු බවයි. ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් තහවුරුවෙන පරිදි මාලිංග ලබන 26 වෙනිදා තරගයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post