News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
15

ඉන්දියාවේ සඳ තරණයට බාධා

673 Views


ඉන්දියාවේ සඳ තරණයට බාධා

අද සිදු කිරීමට නියමිතව තිබූ ඉන්දියාවේ දෙවන සඳ තරණය වන ‘‘චන්ද්‍රයාන් ටූ’’ මෙහෙයුමට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා.ඒ, අදාළ මෙහෙයුමට සූදානම් කර තිබූ අභ්‍යවකාශ යානයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බව පැවසෙනවා. අද අලුයම 02.51 ඉන්දීය වේලාවෙන් ශී‍්‍රහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් එම යානය, පෘතුවියෙන් පිටත්වීමට නියමිතව තිබුණ නමුත් එහෙත්, එම වේලාවට හෝරාවක් පමණ තිබියදී ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවන බවයි.

මෙම මෙහෙයුම සඳහා ඉන්දියාව වෙන් කර ඇති පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 150ක් පමණ වන අතර සඳෙහි ජලය පවතිනවාද යන්න සහ එහි පාෂාණ සංයුතිය පිළිබඳ දත්ත රැස්කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වනවා.


News Articles
Latest Videos
Most Popular Post