News Line| Off Air
Generic placeholder image

Jul
15

කඩුවෙල – කොල්ලුපිටිය රථවාහන ධාවනය රාතී‍්‍ර 8 සිට 11 තෙක් සීමා කෙරේ

648 Views


කඩුවෙල – කොල්ලුපිටිය රථවාහන ධාවනය රාතී‍්‍ර 8 සිට 11 තෙක් සීමා කෙරේ

කඩුවෙල කොල්ලූපිටිය 177 බස් මාර්ගයේ රථවාහන ධාවනය අද රාත‍්‍රී 8 සිට රාත‍්‍රී 11 තෙක් සීමා කර තිබෙනවා.  ඒ කොතලාවල සංඛපිටිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර හේතුවෙන්.

පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

විකල්ප මාර්ග ලෙස කඩුවෙල සිට මාළඹේ දෙසට ගමන් කරන රථවාහන කඩුවෙල මංසන්ධියෙන් කොළඹ දෙසට ගමන් කර විහාර මාවත හන්දියෙන් වමට හරවා මාළඹේ දෙසට ගමන් කළ යුතුයි.

මාළඹෙ දෙස සිට කඩුවෙල දෙසට ගමන් කරන රථවාහන සදහා කොතලාවල විහාර මාවතෙන් හරවා අංක 143 හංවැල්ල කොලඹ මාර්ය හරහා ගමන් කළ හැකි බවයි පොලිසිය සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post