News Line| Off Air
Generic placeholder image

Jul
15

කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා යලි රිමාන්ඩ්

1608 Views


කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා යලි රිමාන්ඩ්

මොහොමඞ් ඊබ‍්‍රහිම් ඉන්ෂාබ් නමැති ත‍්‍රස්තවාදියාට අයත් වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයෙකු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැත්තා ලබන 29 දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියම කළා.

පැමිණිල්ල අද කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා හමුවේයි.
ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදාහැර සිටින සැකකරුවන් නව දෙනෙකුගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා ඉල්ලා ඇතත් ඒවා මෙතෙක් ලැබී නොමැති බවයි.

සේවකයින් නව දෙනා ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් වලට සම්බන්ධ වී ඇති බවට මෙතෙක් සිදුකරන පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී නොමැති බව පොලීසිය අධීකරණයට දැනුම් දුන්නා.

දැනට ඇප මත මුදාහැර සිටින සෙසු සේවකයින් නව දෙනාට ඔක්තෝම්බර් මස 09 වනදා අධිකරණය හමුවේ යළි පෙනී සිටින ලෙසද නියම කළා.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායක මොහොමඞ් පවාස් නැමැත්තා ඇප මත මුදාහැර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post