News Line| Off Air
Generic placeholder image

Jul
15

තැපෑල නවතී

532 Views


තැපෑල නවතී

තැපැල් සේවකයින්ගේ වැඩ වර්ජනය අද (15) පස්වරු 04.00 සිට ආරම්භ කිරීමටයි තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ප‍්‍රධාන ඉල්ලීම් 03ක් ඊට හේතු වී ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කල ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද කියා සිටියේ තැපැල් සේවකයින්ට වසර 13ක් සිට උසස්වීම්, වැටුප් තල සහ බඳවා ගැනීම් සියල්ල අහිමි කරමින් කටයුතු කරමින් සිටින තැපැල් පරිපාලනයට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ අනුව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පැවසුවේ ලබන 18 වැනිදා පස්වරු 04.00 දක්වා කාලයක් මෙම සංකේත වැඩවර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post