නේපාලයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 88 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ තවත් පුද්ගලයින් 31 කට ආසන්න පිරිසක් අතුරුදන් වී ඇති බවයි.
පසුගිය සතිය පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග මෙම ගංවතුර තත්වය හට ගෙන තිබෙනවා.
නේපාල සහන කණ්ඩායම් සදහන් කලේ නිවාස එකොළොස් දහසකට පමණ ඉන් හානි වී ඇති බවයි.
අවතැන් වුවන් පොලිස් කදවුරු වල රදවා තැබීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
නේපාලයට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයේ බලපෑම බංගලාදේශයට ද බලපා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.