News Line| Off Air
Generic placeholder image

Jul
15

පානදුර උතුර පොලිසියේ ස්ථානාධිතිට වැඩ තහනම්

537 Views


පානදුර උතුර පොලිසියේ ස්ථානාධිතිට වැඩ තහනම්

පානදුර උතුර පොලිස් ස්ථානයේ තිබු ටී-56 ගිනි අවි දෙකක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අදාළව එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතානගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අද (15) නියෝග කර තිබෙනවා.

ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කළේ.

අතුරුදහන්වූ ගිනි අවි දෙක සම්බන්ධයෙන් බස්නාහිර උතුර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධික්ෂණය යටතේ මේ වන විට විමර්ශන සිදුකරමින් පවතිනවා.


News Articles
Latest Videos
Most Popular Post