News Line| Off Air
Generic placeholder image

Jul
15

රට ගොඩනැඟීමට නම් අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් අවශ්‍යයි -ජනපති

502 Views


රට ගොඩනැඟීමට නම් අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් අවශ්‍යයි -ජනපති

තවත් මාස 05කින් මේ රටේ ජනතාවට අලූත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

සමස්ත ආර්ථීක දේහයම කඩා වැටුණු සහ දේශපාලන දේහය අපිරිසුදු වූ සහ පිළිකුල්සහගත වූ මේ රට ගොඩනැඟීමට ඇති එකම මඟ අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීම බවත් එම වගකීම රටේ ජනතාවට හිමි වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ නුවරඑළියේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව දිස්ත්‍රික් රෝහල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමින්.

නෙදර්ලන්ත සහන ණය ආධාර යටතේ රුපියල් බිලියන 07ක් වැය කරමින් ඉදිකර ඇති මෙම රෝහල ඇදන් 600 කින් සමන්විත වාට්ටු සංකීර්ණයකින්, නවීන තාක්ෂණයෙන් යුත් ශෛල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, බාහිර රෝගී සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලන මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍ය, හෙද නිල නිවාසවලින් සමන්විතව අංග සම්පූර්ණ රෝහලක් ලෙස ඉදිකර තිබෙනවා.

මෙහි ඉදිකිරීම් 2012 වර්ෂයේ දී ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කෙරුණු අතර නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට ඉහළ ගුණාත්මකභාවයකින් යුත් සුරක්ෂිත ඵලදායී සෞඛ්‍ය සේවාවක් සැපයීම ද මෙයින් අපේක්ෂා කරනවා.

සමරු ඵලකය නිරාවරණය කර නව රෝහල ජනතා අයිතියට පැවරූ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර රෝහල සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගීන් තිදෙනා ලියාපදිංචි කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්.


News Articles
Latest Videos
Most Popular Post