News Line| Off Air
Generic placeholder image

Jul
15

ලෝක ශූරයන් වූ එංගලන්තය නවසීලන්තයෙන් සමාව ඉල්ලයි

1095 Views


ලෝක ශූරයන් වූ එංගලන්තය නවසීලන්තයෙන් සමාව ඉල්ලයි

තමන් ජීවිත කාලෙ පුරාම නවසීලන්ත කණ්ඩායමෙන් සමාව ඉල්ලන බව ඊයේ දිනයේ ලෝක ශූරයන් බවට පත්වූ එංගලන්ත කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක බෙන් ස්ට්‍රොක් පවසනවා. ලෝක ශූරතාවය ජයග්‍රහණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා. ඒ නවසීලන්ත ක‍්‍රිඩකයෙකු විසින් කඩුල්ල වෙත යොමු කල පන්දුව පිත්තේ වැදී හතරේ සීමාව දක්වා ගමන් කිරීම හේතුවෙන් ඉතා තීරණාත්මක මොහොතක එංගලන්ත පිලට ලකුණු 06ක් හිමි විම නිසාවෙන්.
එමෙන්ම නවසීලන්තය සමග ක්‍රීඩා කරන ලද සෑම තරගයක්ම ඉතා හොද තරගයක් වූ බවත් ඔවුන් සැබැවින්ම ඉතා හොඳ කණ්ඩායමක් බව බෙන් ස්ට්‍රෝක් එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post