News Line| Off Air
Generic placeholder image

Jul
15

වසරේ ICC එක්දින කණ්ඩායම නම් කරයි

1109 Views


වසරේ ICC එක්දින කණ්ඩායම නම් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින කණ්ඩායම අද (15) නම් කරනු ලැබූ අතර එම කණ්ඩායමේ නායකත්වය සඳහා නවසීලන්ත ක්‍රිකට් පිලේ නායක කේන් විලියම්සන් නම් කර තිබෙනවා.

වසරේ එක්දින තරගාවලිය සඳහා ඊයේ පැවති අවසන් මහ තරගයට ක්‍රීඩා කරනු ලැබූ එංගලන්ත සහ නවසීලන්ත කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් 06 දෙනෙකු ඇතුලත් වීම විශේෂත්වයක්.

වසරේ ICC එක්දින කණ්ඩායමට බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් සහ ඉන්දියානු පිලේ රෝහිත් ෂර්මා සහ ජස්ප්‍රිට් බුම්රා ද නම් කර තිබෙනවා.

මෙවර වසරේ එක්දින කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුලත් නොවීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post