News Line| Off Air
Generic placeholder image

Jul
15

සෝෆා ගිවිසුම ගැන ඉන්දීයාව දැඩි අවධානයෙන්

571 Views


සෝෆා ගිවිසුම ගැන ඉන්දීයාව දැඩි අවධානයෙන්

සෝෆා ගිවිසුම පදනම් කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ මතුව ඇති විරෝධතා පිළිබඳ ඉන්දියාව දැඩි විමසිල්ලෙන් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.සෝෆා ගිවිසුම හරහා අමෙරිකානු හමුදා කඳවුරක් ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ සූදානමක් ඇති බවට විවිධ වාර්තා පළ වන නිසා ඉන්දීය මාධ්‍ය පවසන්නේ එම කඳවුර ස්ථාපිත වීමට නියමිතව ඇත්තේ ඉන්දියාවට ආසන්න ප‍්‍රදේශයක බවත් අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දක්වන ප‍්‍රතිචාරය පිළිබඳ ඉන්දියාව දැඩි විමසිල්ලෙන් සිටින බවද එරට මාධ්‍යයන්හි වැඩි දුරටත් සඳහන් කර ඇති බව වාර්තා වෙනවා.

මේ පිලිබදව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ අමෙරිකාව සමග ශ‍්‍රී ලංකාව කිසිඳු ගිවිසුමකට අත්සන් තබා නොමැති බවයි. ඒ නිසා ශ‍්‍රී ලංකාවේ එම ස්ථාවරය පිළිබඳ ඉන්දියාව ප‍්‍රසාදයෙන් පසුවන බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post