පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුවේ විභාගය දෙසැම්බර් මස 3 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.
නඩුව අද කැදවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේයි.
2016 වසරේ දෙමටගොඩ ප‍්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප‍්‍රියංක නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීමට ක‍්‍රියා කිරීම සම්බන්ධයෙන් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තබෙනවා.
නඩුවේ විත්තිකරුවන් අටදෙනකුට අත්හිටවූ සිර දඬුවම් සහ දඩ නියම කලේ අදාළ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුවයි.
ඒ අනුව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරියට එරෙහිව පමණක් එම නඩු විභාගය පැවැත්වෙනවා.