නොවැම්බර් මස 15 වනදා සහ දෙසැම්බර් මස 7 වනදා අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව සඳහන් කළේ ඊයේ ශ‍්‍රී ලංකා කතෘ සංසඳයේ සාමාජිකයන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.
ජනාධිපතිවරණය නොවැම්බර් 15 හා දෙසැම්බර් 7 වනදා අතර කාලසීමාව තුළ පැවැත්විය යුතු බවයි මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කළේ.
නොවැම්බර් 16 වනදා ජනාධිපතිවරණය පවත්වන්නේ නම් නාම යෝජනා සැප්තැම්බර් තුන්වන සතියේ කැඳවනු ඇති.
සෙනසුරාදා දිනයක මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව උපරිම උත්සාහ කරන බව මැතිවරණ කොමිසාරිස්වරයා පවසනවා.
නොවැම්බර් මස 16, 23, 30 හා දෙසැම්බර් 7 යන දිනවල ජනපතිවරණය පැවැත්විය හැකි බවයි මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කළේ.
නොවැම්බර් 30 දෙසැම්බර් 7 අතර කාලය තුළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම නිසා එම කාලය තුළදී ජනාධිපතිවරණය පැවැත්වීම ගැටලූවක්වී තිබෙන බවද කොමසාරිස්වරයා කියා සිටියා.
මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ ජනාධිපතිවරණයේදී අක‍්‍රමිකතා සිදු නොවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන බවයි.
අක‍්‍රමිකතා සිදු නොවීම වලක්වා ගැනීම සඳහා මහ ජනතාව වගකීමෙන් කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.