News Line| Off Air
Generic placeholder image

Jul
17

එංගලන්තයෙන් කොළඹ වරායට අපද්‍රව්‍ය

653 Views


එංගලන්තයෙන් කොළඹ වරායට අපද්‍රව්‍ය

එංගලන්තයෙන් බැහැර කෙරුණු රෝහල් අපද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය සහිත බහාලුම් 102ක් කොළඹ වරාය තුළ පවතින බව සමස්ත ලංකා රේගු සේවා සංගමය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කළා.

අදාළ අපද්‍රව්‍ය රට තුළට ඇතුළුවීමෙන් විය හැකි හානිකර තත්ත්වය සළකා ඒවා හැකි ඉක්මණින් ප්‍රතිඅපනයනය සඳහා මේ වන විටත් උපදෙස් ලබාදී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම කටුනායක ආයෝජන කලාපයේ පෙදෙසක ගොඩගසා ඇති කසල සහිත බහාලුම් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් අද පරීක්ෂාවට ලක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post