News Line| Off Air
Generic placeholder image

Jul
17

දළදා මාලිගාවේ තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශවයට භාරදෙයි

652 Views


දළදා මාලිගාවේ තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශවයට භාරදෙයි

මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ තේවා කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශවය විසින් මල්වතු මහා විහාර පාර්ශවයට භාර දීම අද සිදු වුණා. මල්වතු පාර්ශවයේ මහ නායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහනාහිමියන් වෙත තේවාව භාර දුන්නේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන මහ නාහිමියන් විසින්.

ලබන ඇසළ පොහෝ දින තෙක් මල්වතු පාර්ශවය විසින් තේවා කටයුතු සිදු කරනු ඇති. සෑම වර්ෂයකම ඇසළ පොහෝ දිනකට පසු දිනයේ දී මෙලෙස තේවා කටයුතු හුවමාරු වනවා.

ඊට සමගාමීව ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍ය සිදු කිරීමේ වගකීම ද මෙවර පැවරෙන්නේ මල්වතු මහා විහාරය වෙතයි.

මෙවර ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ මහ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත‍්‍රය අගෝස්තු දෙවන දා සිදු කිරීමට නියමිත අතර පළමු කුඹල් පෙරහර අගෝස්තු 05 වනදා විදී සංචාරය කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post