News Line| Off Air
Generic placeholder image

Jul
17

නවසීලන්ත අගමැතිනිය අනුශූරයින් ගැන කතා කරයි

895 Views


නවසීලන්ත අගමැතිනිය අනුශූරයින් ගැන කතා කරයි

අතිශයින් තියුණු මුහුණුවරක් ගත් ක්‍රිකට් ලෝක කුසලාන මහා තරඟයෙන් තම රටේ ක්‍රිකට් කණ්ඩායම පරාජය වූ මොහොතේ තමා “බලවත් කම්පාවට” පත් වූ බව නවසීලන්ත අගමැතිනි, ජසින්ඩා ආර්ඩර්න් ප්‍රකාශ කළා.අගමැතිවරිය එම ප්‍රකාශය කළේ RNZ පුවත් ආයතනයට ප්‍රකාශයක් කරමිනුයි.

“ඒත් අපි අපේ කණ්ඩායම ගැනවචනයෙන් කිව නොහැකි තරම් ආඩම්බට්ර වෙනවා” නවසීලන්ත අගමැතිනිය තවදුරටත් සඳහන් කළාය.
නවසීලන්තයට ලෝක කුසලානය අහිමිවීමෙන් අනතුරුව, සමාජ මාධ්‍ය ජාලයට අදහස් එක් කළ බොහෝ දෙනෙක් “නවසීලන්ත ක්‍රීඩකයන් තරගය පරාජය වුනත් ඔවුන් අපේ හදවත් දිනාගත්තා” යයි කියා සිටියහ.ඉරිදා, ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වුන ක්‍රිකට් ලෝක කුසලාන මහා තරඟයේ දී තරග වැදුණු එංගලන්ත සහ නවසීලන්ත කණ්ඩායම්, තරගය නිමාවේ එකම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ අතර, සමස්ත තරගයේ දී වාර්තා කරන ලද හයේ සහ හතරේ පහර ගණන සැලකිල්ලට ගනිමින් එංගලන්ත කණ්ඩායමට ජය අත්විය.

“මම හිතන හැටියට, සමහර විට බොහෝ නවසීලන්තවාසීන් වගේම මමත් ඉරිදා තරගයේ ප්‍රතිපලය සම්බන්ධයෙන් තවමත් පසුවන්නේ කම්පා සහගත තත්වයක” ජසින්ඩා ආර්ඩර්න් පවසන්නීය.

“තරගයේ අන්තිම තීන්දුව කුමක් වුනත්, එය නොතකා අපේ කණ්ඩායම ගැන අපි හිතාගන්නවත් බැරි තරමින් සාඩම්බර වෙනවා. අපේ කණ්ඩායම විශිෂ්ට විධියට ක්‍රීඩා කළ නිසා හැම නවසීලන්ත ජාතිකයෙක්ම අපේ ක්‍රීඩකයන් ගැන ආඩම්බර වෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යයි නවසීලන්ත අගමැතිවරියගේ ප්‍රකාශයට ඇතුළත් වෙයි.

ඒ සමඟම ඇය ‘ඉන්ස්ටග්‍රෑම්’ පණිවුඩයක් මගින් ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායමටත් ශුභ පැතුවාය.

“තරගයේ එම අතිරේක ඕවරයේ දී ජාතියක් හැටියට අපි කාටත් දැනුනේ අවුරුද්දක් වගේ කාලයක් කියල මම හිතනවා” අගමැතිනි ආර්ඩර්න් විසින් නිකුත් කරන ලද ‘ඉන්ස්ටග්‍රෑම්’ පණිවුඩයේ දැක්වෙයි.

බ්‍රිතාන්‍ය රජ පවුල පවා ‘ට්විටර්’ පණිවුඩයක් මගින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ප්‍රශංසාවට ලක් කර ඇත.

“නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පුරාම සිත් බැඳ ගන්නා මට්ටමින් තරග වැදුන” බව එලිසබත් රැජින ප්‍රකාශ කරන ලදැයි එම ‘ට්විටර්’ පණිවුඩයේ සඳහන් වෙයි.

“සමස්ත තරගාවලිය පුරාමත්, ඉරිදා අවසාන මහා තරගයේදීත් සිත් ඇඳ බැඳ ගනිමින් ක්‍රීඩාවේ නිරත වුන නවසීලන්ත ක්‍රිකට් අනුශූරයන්ට සානුකම්පිත හිතෛෂීභාවය පළ කිරීමට මමත් එකතු වෙනවා” බ්‍රිතාන්‍ය රැජින පවසන්නීය.

“අපේ ක්‍රීඩකයන් පිළිගන්න තියෙන හොඳම විධිය ගැන රටේ මාධ්‍ය අතර සාකච්ඡාවක් සිදු වෙමින් පවතිනවා” අගමැතිනි ජසින්ඩා ආඩර්න් මේ අතර සඳහන් කළාය.”ඔවුන් වීරයන් විධියට පිළිගන්නවා” අගමැතිවරිය කියා සිටියාය.”ඔවුන් එවැනි පිළිගැනීමකට සුදුසුයි”

“BBC සිංහල”


News Articles
Latest Videos
Most Popular Post