News Line| Off Air
Generic placeholder image

Jul
17

පාන් මිල ඉහළ දමන වෙළදසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර

513 Views


පාන් මිල ඉහළ දමන වෙළදසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර

පාන් ඇතුලූ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8 කින් ඉහළ දමන බවට පිටි සමාගම් විසින් මෙතෙක් දැනුවත් කිරීමක් සිදුකර නොමැති බැවින් එම නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට කිසිදු ඉඩක් නොමැති බව එම අධිකාරිය සඳහන් කළා.

එමෙන්ම තිරිඟු පිටි අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස නම් කර ඇති අවස්ථාවක එහි මිල සංශෝධනය කරන්නේ නම් ඒ පිළිබඳව අදාළ ආයතන පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීම අනිවාර්ය කරුණක් වනවා.

මෙම අවස්ථාවේදී පිටි මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම් පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී නොමැති බැවින් ඔවුන්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post