News Line| Off Air
Generic placeholder image

Jul
17

ලංකා ගමනාගමන මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

698 Views


ලංකා ගමනාගමන මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියක් නොමැතිව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ට උසස් වීම් හා වැටුප් වර්ධක ප‍්‍රදානය කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පෙත්සම අද කැදවනු ලැබුවේ ප‍්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

ශ‍්‍රී ලංකා නිදහස් ජාතික සේවක සංගමය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දුන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ඇතැම් සේවකයින්ට සම්මත පටිපාටියට පරිභාහිරව උසස්වීම් හා වැටුප් වර්ධක ලබා දීම සිදුවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post