පසුගිය ලෝක කුසලාන තරගාවලියෙන් අවසන් පූර්ව තරගය ඉන්දීය කණ්ඩායම පරාජයට පත් වීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවම උඩු යටිකුරු කරනා සිදුවීමක් බවට පත්වුනා.
ඒ අනුව ලෝක කුසලාන ඉන්දියානු ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයම විසුරුවා දැමීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව සදහන්.
පුරප්පාඩූ වූ තනතුරු වලට නව ප‍්‍රධාන පුහුණුකරුවකු සහ සහය පුහුණුකාර්ය මණ්ඩලයක් පත්කිරීමට එරට ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර මේ වන විට ඉල්ලූම්පත් භාර ගැනීම ආරම්භ කර තිබෙනවා.
නව තනතුරු සඳහා ප‍්‍රධාන පුහුණුකරු, පන්දු යැවීමේ පුහුණුකරු, පන්දු රැකීමේ පුහුණුකරු, භෞතචිකිත්සක, පුහුණු උපදේශක කළමනාකාර යන තනතුරු සඳහා නව ඉල්ලූම්පත් භාර ගැනීමෙන් අනතුරුව අදාළ පුරප්පාඩු පිරවීමට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති අතර අදාළ නව පුහුණුකරුවන් ලබන 30 වැනිදාට පෙර ඉල්ලූම්පත් යොමු කල යුතුයි.
ඉන්දියානු කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් රවී ශාස්ත‍්‍රි කටයුතු කරනවා. ඔහු 2017 වසරේදී ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය විසින් අදාළ තනතුරට පත් කර තිබෙනවා.
මේ අතර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය මහේල ජයවර්ධනත්, වේග පන්දු පුහුණුකාරීත්වයට චමින්ද වාස්ද, පන්දු රැකීමේ පුහුණුකරු ලෙසට තිලකරත්න දිල්ෂාන්ද පත් කළ යුතු බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.