කුවේටයේ අනවසරයෙන් රැඳී සිටි විදේශිකයන් එක්ලක්ෂ හතලිස්ක් පමණ පසුගිය වසර හය තුළ එරටින් පිටුවහල් කරනු ලැබ ඇතැයි අරාබි බසින් කුවේටයේ පලකෙරෙන අල්-අන්බා පුවත්පත වාර්තා කරනවා.වීසා සහ කම්කරු නීති උල්ලංඝනය කලවුන් මෙන්ම අපරාධකරුවන් ද ඔවුන් අතර සිටින බවයි එහි සඳහන් වෙන්නේ. මේ අතරට අයත් ශ්‍රී ලාංකික පිරිස දාහත් දහසක් පමණ වන බවත් මෙම වාර්තාවේ දැක්වෙනවා.
එමෙන්ම ඒ 17000 න් දොළොස් දහසක් පමණ කාන්තාවන් බවයි වාර්තා වෙන්නේ. මෙලෙස පිටුවහල් කළ පිරිස් අතරින් එකම ජාතියකට අයත් වැඩිම පිරිස වාර්තා වන්නේ වාර්තාවන්නේ ඉන්දියාවෙන්. ඒ ආකාරයට කුවේටයෙන් පිටුවහල් කළ ඉන්දියානුවන් ගණන 29,000 ක් ඉක්මවා තිබුණා .