විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වෘත්තීය සමිති කිහිපයක් අද (18) සහ හෙට (19) ලෙඩ නිවඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියමාර්ගයක නිරතවිමට තිරණය කර ඇත.ගුරුවරුන් සහ විදුහල්පතිවරුගේ අයිතීන් 4 ක් දිනා ගැනීම සදහා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ කියාසිටී.
” වසර 22ක කාලයක් පවතින වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම, මේ යහපාලන ආණ්ඩුව බලයට ආවේ අධ්‍යාපනය සඳහා සියයට 6ක් වෙන් කරනවා කියලා, නමුත් මේ දක්වා එහෙම කරලා නැහැ. ඒ වගේම 2016 පත්වීම් ලබපු ගුරුවරුන්ගේ අහිමි කරපු විශ්‍රාම වැටුප යලි ලබා දෙන්න කියලා වගේම ගුරුවරුන් ලවා සිදුකරනු ලබන අනවශ්‍ය කොළ පිරවීම් නතර කරන්න කියන ඉල්ලීම් 04 මුල් කරගෙනයි අපි මේ ලෙඩ නිවාඩු දාලා මේ වැඩවර්ජනය සිදුකරන්නේ. මේ සඳහා ගුරුවරුන් සහ විදුහල්පති සංගම් 12ක් එක්වෙලා සිටිනවා යැයි” මෙහිදී ඇය ප්‍රකාශ කර සිටියා.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේ වෘත්තීය සමිති තුනක් එක්ව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි. සිය සංගමය ඇතුළු වෘත්තීය සමිති 27 ක් ඒ සදහා කිසිදු සහායක් ලබානොදෙන බවද ඔහු ප්‍රකාශ කළා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං ද ප්‍රකාශ කළේ සිය සංගමයද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය නොදක්වන බවයි.
කෙසේවෙතත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් වූ සිය අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග ජූලි 21 වනදා ප්‍රකාශයට පත් කරන බව ලංකා ගුරු සේවා සංගමය හා ලංකා ගුරු සංගමය ප්‍රකාශ කර සිටිනවා.