News Line| Off Air
Generic placeholder image

Jul
18

මුස්ලිම් විවාහ නීති සකස් කළ සංශෝධිත කැබිනට් පත්‍රිකාව මීලග කැබිනට් මණ්ඩලයට

1152 Views


මුස්ලිම් විවාහ නීති සකස් කළ සංශෝධිත කැබිනට් පත්‍රිකාව මීලග කැබිනට් මණ්ඩලයට

මුස්ලිම් ජතිකයින්ගේ විවාහ නීති සම්බන්ධයෙන් සකස් කළ සංශෝධිත කැබිනට් පත්‍රිකාව මීලග කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි පවසනවා. අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍යවරයා ද දැනුවත් කළ බව ඔහු කිය සිටියා.

මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් මැති ඇමතිවරුන් ඉකුත් දා එකගතාවකට එළඹුණා. කෙසේවෙතත්, මුස්ලිම් කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් පසුව ප්‍රකාශ කළේ මුස්ලිම් ආගමික නායකයින් එම සංශෝධනවලට විරෝධය කළ කර ඇති බවයි. ඒ අනුව එම සංශෝධනවල යම් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කෙරුණා.

ඒ අතරතුර අග්‍රාමාත්‍යවරයා හා මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර ඊයේ (17) අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී මුස්ලිම් විවාහ නීති සංශෝධනය සහ මද්‍රාසා පාසල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්.එම් ෆවුසි ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post