News Line| Off Air
Generic placeholder image

Jul
19

ජනතාවගේ දුගීභාවය අවම කිරීමට සියලු නිලධාරින් කැප විය යුතු බව ජනපති කියයි

489 Views


ජනතාවගේ දුගීභාවය අවම කිරීමට සියලු නිලධාරින් කැප විය යුතු බව ජනපති කියයි

ජනතාවගේ දුගී භාවය අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක සියලූ සංවර්ධන ව්‍යාපෘති වංචාවෙන් සහ දූෂණයෙන් තොරව කාර්යක්ෂමව ක්‍රියාවට නංවමින් එහි පූර්ණ සහ කඩිනම් ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කැපවීම සියලූ නිලධාරින්ගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා.

වැව් ගම් පුබුදුව සංවර්ධන වැඩසටහන පිළිබඳ අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එතුමා මේ බව සඳහන් කළා.

දිස්ත්‍රික්ක 07ක ජනතාවගේ කෘෂි ආර්ථීකය පෝෂණය කරන වැවු ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කරමින් ඉදිරි මාස කිහිපය තුළ එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නා.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් වූ වැව් ගම් පුබුදුව ක්‍රියාවට නැංවෙන්නේ හරිත දේශගුණික අරමුදලේ රුපියල් මිලියන 3682ක හා ශ්‍රී ලංකා රජයේ අරමුදල් රුපියල් මිලියන 1250ක වියදමින්.

මේ ව්‍යාපෘතිය පොළොන්නරුව, කුරුණෑගල, අනුරාධපුර, වව්නියාව, පුත්තලම, ත්‍රිකුණාමලය හා මන්නාරම යන දිස්ත්‍රික්ක 7ක මල්වතුඔය, මී ඔය හා යාන් ඔය යන ගංගා ද්‍රෝණි 03 ආශ්‍රීතව ක්‍රියාවට නැංවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post