News Line| Off Air
Generic placeholder image

Jul
19

වසරේ නවසීලන්ත ජාතිකයාට හිමි විශිෂ්ඨතම සම්මානය සදහා එංගලන්ත කි‍්‍රකට් කී‍්‍රඩක බෙන් ස්ටොක් නිර්දේශ වෙයි

505 Views


වසරේ නවසීලන්ත ජාතිකයාට හිමි විශිෂ්ඨතම සම්මානය සදහා එංගලන්ත කි‍්‍රකට් කී‍්‍රඩක බෙන් ස්ටොක් නිර්දේශ වෙයි

වසරේ නවසීලන්ත ජාතිකයාට හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබෙනවා. ඉකුත් දා පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය අහිමි කරමින් කුසලානය එංගලන්තයට දිනා දීමට බෙන් ස්ටොක් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නා.

බෙන් ස්ටොක් යනු නවසීලන්තයේ ඉපිද පසුව සිය පවුල සමග බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ අයෙක්. නවසීලන්තයේ උපත ලැබූ වයස අවුරුදු 15ට වැඩි ඕනෑම අයෙක්, වසරේ නවසීලන්ත ජාතිකයාට හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා නිර්දේශ වනවා.

එමෙන්ම නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post