ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන පන්තියේ පවතින පුරප්පාඩු සදහා නව විදුහල්පතිවරුන් 1918 දෙනෙකු බදවා ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ සදහා වන සම්මුඛ පරීක්ෂණ ලබන 29 වනදා සිට ආරම්භ කරන බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.
විදුහල්පතිවරුන් බදවා ගැනීමට අදාළව පැවැත්වු තරග විභාගයෙන් ඉහළින් සමත්වුවන් අතරින් පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට නියමිතයි.
සම්මුඛ පරීක්ෂණය සදහා කැදවන නිළධාරීන්ගේ නාම ලේඛණය අධ්‍යාපන අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.