News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 4 – උසස් පෙළ අගෝස්තු 5

1081 Views


ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 4 – උසස් පෙළ අගෝස්තු 5

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 දින සිටි අගෝස්තු 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා තිබෙනවා.

උසස් පෙළ විභාගය සඳහා මෙවර නව විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 198,229ක් ද, පැරණි විෂය නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139,475ක් ද පෙනී සිටිනවා.

ඒ අනුව සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 337,704ක් වන අතර මධ්‍යස්ථාන 2,678ක මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන බව සදහන්.

එමෙන්ම 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2019 අගෝස්තු මස 04 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, සිංහල මාධ්‍යයෙන් සිසුන් 255,529ක් ද, දෙමළ මාධ්‍යයෙන් සිසුන් 83,840ක් ද මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි.

සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 339,369ක් වන අතර, මධ්‍යස්ථාන 2,995ක මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post