බංග්ලාදේශයට එරෙහිව මේ මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා නම් කළ 24 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් ඉවත්කර තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලියේ ස්ථානය අහිමිවීම පිළිබඳව දැඩි කථා බහට ලක්වූ පිට දඟ පන්දු යවන අකිල ධනංජය මෙම සංචිතයට ඇතුළත්ව සිටින අතර හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් මෙම සංචිතයට ඇතුළත්ව නැහැ.
චන්දිමාල් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ඉන්දිය සංචාරයෙන් ඉවත්ව සිටීම නිසා මෙම සංචිතයට ඇතුළත් කර නොමැති බව සදහන්.
ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ‘ඒ’ සහ නැඟී එන කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වූ ක්‍රීඩකයෝ රැසක් මෙම සංචිතයට ඇතුළත්ව සිටිනවා.
නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ ලක්‍ෂාන් සඳකැන් නැවත එක්දින සංචිතයට කැඳවා ඇති අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය මෙම මස 26 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.