News Line| Off Air
Generic placeholder image

Jul
20

අධික වර්ෂාව නිසා ජලාශ රැසක් වාන් දමයි

888 Views


අධික වර්ෂාව නිසා ජලාශ රැසක් වාන් දමයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව නිසා කදුකරයේ දිය ඇලි ගණනාවක් ජල මට්ටම වැඩි වි ඇති අතර තලවකැලේ සෙන් ක්ලෙයාර් හැටන් දිඹුල ඩෙවොන් දිය ඇල්ල , වටවල කැරොලයිනා දියගල ඇල්ල සහ ලක්ෂපාන දිය ඇල්ලේ ජල මට්ටම මෙසේ ඉහල ගොස් ඇති බව් අ වාර්තා වෙනවා.

එමෙන්ම පවතින වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත තිබෙන අතර, විමසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතින බව පැවසෙනවා.

ලක්ෂපාන ජලාශයේදි වාන් දොරටු දෙකක් (18) සිට විවෘත කර තිබෙන අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම සහ විමලසුරෙන්ද්‍ර ජලාශයේ වාන් දැමිම හේතුවෙන් කැලණි ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇති අතර එම ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන් පසුවන්නැයි බලධාරින් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post