ඉරානය විසින් අත්අඩංගුවට ගත් බි‍්‍රතාන්‍ය ධජය සහිත නෞකාව නිදහස් නොකරන්නේ නම් ඉරානයට එරෙහිව දැඩි පියවර ගන්නා බව බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශ පවසනවා. බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ජෙරමිහන්ට් පවසන්නේ නාවිකයින් 25 දෙනෙකුගෙන් යුත් නෞකාව පිළිබද කිසිදු තොරතුරක් මේ වනතෙක් ලැබීනොමැති බවයි.
නෞකාව අවසන් වරට ඉරානය දෙසට ගමන් කරමින් සිටි බවයි බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශ සදහන් කළේ.
ඉරාන ආරක්ෂක අංශ පවසා ඇත්තේ නෞකාව ජාත්‍යන්තර මුහුදු නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවයි.
පසුගිය සතියේද ඉරානය විසින් අමරිකාවට අයත් තෙල් නෞකාවක් නාවිකයින් 8 දෙනෙකු සමග පැහැර ගනු ලැබුවා. ඉරාන මුහුදු තීරයේ දී ජාත්‍යන්තර නැව් සඳහා තර්ජන පවතින බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
මේ අතර ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් ඉරානයට අයත් ඩ්‍රෝන යානාවක් විනාශ කළ පුවත අසත්‍යක් බව ඉරාන ආරක්ෂක අංශ පවසනවා.