News Line| Off Air
Generic placeholder image

Jul
20

ඉහළ යන තිරිගු පිටි පාලනයටත් මිල සූත්‍රයක්?

860 Views


ඉහළ යන තිරිගු පිටි පාලනයටත් මිල සූත්‍රයක්?

තිරිගු පිටි මිල පාලනය සදහා මිල සූත‍්‍රයක් සැකසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (19) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි සදහන් වන්නේ. තිරිගු පිටි සමාගම් අවසරයකින් තොරව මිල වැඩි කිරීම හේතුවෙන් ඒ සදහා මිල සූත‍්‍රයක් සැකසීමට කැබිනට් මණ්ඩලයේ එකගතාව පළ වී තිබෙනවා. එහිදී අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම පවසා ඇත්තේ ඉන්ධන මිල සදහා මිල සූත‍්‍රයක් කි‍්‍රයාත්මක වනවා සේ තිරිගු පිටි සදහා ද මිල සූත‍්‍රයක් කි‍්‍රයාත්මක කළ යුතු බවයි.

පසුගිය දිනවල තිරිගු පිටි සමාගම් දෙකක් තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8 කින් ඉහළ දැමුවා. ඒ සමග ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළද පසුව වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව පාන් ගෙඩියක මිල පෙර පැවති මිලටම අලෙවි කිරීමට තීරණය කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post