News Line| Off Air
Generic placeholder image

Jul
20

කෝලි තම ඉදිරිගමන පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරී

834 Views


කෝලි තම ඉදිරිගමන පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරී

ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට තේරී පත් වීමට අසමත් වීමත් සමඟම ඉන්දියානු පිලට එරට ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉතා ප්‍රචණ්ඩකාරී චෝදනාවන් රැසක් එල්ල වුණා. මේ හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඇතුලු කණ්ඩායම දඩි අපහසුතාවයකින් පසු වුණා. විරාත් කෝලි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ජනතාව වෙත කණගා‍ටුව ද ප්‍රකාශ කර සිටියා.

පසුව ඉන්දීය නායක විරාත් කෝලි කිසිදු ප්‍රකාශයක් සිදු නොකර නිහඬව පසු වූවත් ඔහු නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ එක්තරා ඡායාරූපයක් හරහා තම ඉදිරි ගමන ගැන ප්‍රේක්ෂකයින්ට දැනුම් දී තිබෙනවා. බොහෝ පිරිසක් මෙම ඡායාරූපය සම්බන්ධයෙන් තම අදහස්ද පලකර තිබෙනු දක්නට ලැබුණා.


News Articles
Latest Videos
Most Popular Post