News Line| Off Air
Generic placeholder image

Jul
20

දිනේෂ් චන්දිමාල් කපා හරී

734 Views


දිනේෂ් චන්දිමාල් කපා හරී

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු එක්දින කි‍්‍රකට් තරගය සදහා එක් වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතය නම් කර තිබෙනවා.

කී‍්‍රඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායක ලෙස නිරෝෂන් දික්වැල්ල නම් කර තිබෙනවා. බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සදහා නම් කළ සංචිතයට ඇතුළත් නොවූ ඕෂධ ප‍්‍රනාන්දු කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතයට කැදවා ඇති බව සදහන්.

ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්‍ෂ, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, දසුන් ශානක, ලහිරු මධුසංක ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතයට ඇතුළත්. වනිදු හසරංග, ලහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, කසුන් රාජිත, අකිල ධනංජය, අමිල අපොන්සු සහ රමේෂ් මෙන්ඩිස් යන කී‍්‍රඩකයින්ද එම සංචිතයට ඇතුළත්ව සිටිනවා.

බංග්ලාදේශය සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල අතර පැවැත්වෙන පුහුණු එක්දින තරගය ලබන 23 වනදා පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කළ එක්දින සංචිතයට සහ කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතයට, හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව නොතිබීම විශේෂත්වයක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post