පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක දෙකකට තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
මේ ඒ පිළිබද කරුණු දක්වන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කලේ රත්නපුර ඉඹුල්පේ වේවැල්වත්ත මාර්ගය භාවිතා කිරීමේදී ඉතාමත් අවධානයෙන් භාවිතා කරන ලෙසත් එම ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසත් එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශයේත් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වලත් මෙම නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.